Search This Blog

Tuesday, July 16, 2019


සාම්ප්‍රදායික ආයුධ කර්මාන්තය

ආදී කල්පික මානවයා ආයුධ තනාගැනීම පිණිස ශිලා යුගයේදී වැඩි වශයයන් භාවිත කළ ද්‍රවයය නම් ගල්ය. ලංකාවේ ගිනි ගල් හා තිරිවාණ ගල් මේ සඳහා යොදාගෙන තිබේ. ම‍ෙම ආයුධ තනාගන්නේ ඉතා පහසු ක්‍රමයකිනි. දළ අන්දමින් ආයුධයක් සාදා ගැනීමට එක් ගලකින් මුල් ගලකට ගසා එය කඩනු ලැබේ. ගල් පතුරු ලබා ගන්නේ ද මෙසේ ඝට්ටනානුසාරයෙනි. පුරාණ මිනිසා බොහෝ ස‍ෙයින්ම යොදා ගත්තේ මෙසේ එකිනෙකට ඝට්ටනය කිරීමේ ක්‍රමවේදයයි. අතිරේක වැඩ හෝ හැඩගැසීමක් නොකොට මුල් ගල ද ඇතැම් බිම‍ෙක දළ වශයෙන් යොදා ගැනීම නිසා ඒ ආයුධය අදහස් කරන ලද්යද් කුමන වැඩකට දැයි තීරණය කිරීම උගහටය. මේ වනාහි මිටි ගල් කොටන ආයුධ හා අත් පොරෝ වශයෙන් යොදා ගත් ඒවාය. ඒ අනුව බලන කල්හි ගල් ආයුධ දෙවර්ගයකි. එක් වර්ගයක් නම් මුල් ගල්වලින් තනාගත් ආයුධයි. අනෙක් වර්ගය නම් මුල් ගලෙන් ගසාගත් පතුරු කැබලි වලින් තනාගත් ආයුධයි. ම‍ෙම ආයුධවල මුවාතෙහි අතිරේක වශයෙන් වැඩකර තිබෙන ලකුණු පෙනේ. සමහරවිටෙක ඒ මුවාත තියුණු කිරීමෙන් කපන ආයුධයක් වශයෙනුත් නැතහොත් මොට කිරීමෙන් අල්ලා ගැනීමට මිටක් වශයෙනුත් භාවිත කිරීමට හැකියාවක් ඇත. ඇටකටු හා අංවලින් තනන ලද ආයුධ තවම සොයාගෙන තිබෙන්නේ ඉතා අල්ප වශයෙනි. අංවලින් තනන ලද උල් කීපයක් සොයාගෙන ඇති බැවින් මෙම ද්‍රව්‍ය පිළිබඳ කර්මාන්තයක් පැවති බව පෙනී යයි.

විජයාගමනයේ සිට වර්තමානය දක්වා වන වසර 2500කට අධික කාලපරිච්ඡේදය තුළ අභීත සිංහලයාට විවිධාකාර වු ප‍ෙර අපර දෙදිග ආක්‍රමණ වලට මුහුණ දීමට සිදුවු බවට සාධක අපමණය. චෝල, පාණ්ඩ්‍ය, රාෂ්ත්‍රකූට, විජයනගර්, ජාවක, පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි යනාදී බලසම්පන්න හමුදා සමුහයකින් අනුන වුද සුවිශාල යටත් විජිත දාමයකින් සමන්විත වු ඒකී විදේශ ආක්‍රමණිකයන්ට එරෙහිව ස්වකීය නිදහස උදෙසා සටන් වැදුනු සිංහලයා සතුව උපායශීලී ආරක්ෂක සංවිධානයක් මෙන්ම දියුණු අවි ආයුධ පැවති බවට පැහැදිලි සාධක සාහිත්‍ය මුලාශ්‍ර වලින් මෙන්ම පුරාවිද්‍යාත්මක මුලාශ්‍ර වලින් ද අනාවරණය වේ. විශේෂයෙන්ම කාලයෙන් කාලයට දිවයිනට පැමිණි විවිධාකාර සංක්‍රමණිකයන් සහ ආක්‍රමණිකයන්ගේ යුධෝපකරණ හා ස්පර්ශය ලබමින් සාම්ප්‍රදායික ආයුධ ක්‍රමිකව සංවර්ධනය වු බව පෙනේ. කෞටිල්‍යගේ අර්ථශාස්ත්‍රය, වෛජන්ත තන්ත්‍රය යන කෘතීන්ට අනුව ඉපැරණි සිංහලයන් විසින් යුධෝපකරණ නිෂ්පාදනය කරන ලදි. වෛජන්ත තන්ත්‍රයට අනුව ආයුධ නිෂ්පාදනය කිරීම සඳහා යලෝකඩ, පිත්තල, තඹ, යකඩ, රත්රන්, රීදී, කළු රසදිය යලෝහ වේග ප්‍රයයෝජනයට ගැණින. ආයුධ පණ යපවීම සඳහා අවැසි ද්‍රවය, ස්ථානය, සුභ අසුභ සංයක්ත, නැකත් පිළිබඳ යතොරතුරු ඉපැරණි පුස්යකොළ යපොත් වලින් ද අනාවරණය වේ. 

පුරාතනයේ සිට මහනුවර යුගය දක්වා කාලපරිච්ඡේදය තුළ විශිෂ්ට යුධෝපකරණ නිෂ්පාදන ක්‍රියාවලියක් පැවති බවට අනුරාධපුරය, සමනල වැව, කොත්මලේ ආශ්‍රිත ප්‍රදේශවල සිදු කරන ලද පුරාවිද්‍යාත්මක කැනීම් අනුසාරයෙන් හමුවී ඇති යකඩ උදුන්, යබොර සහ අවි ආයුධ යනාදී පුරාකෘති මගින් පැහැදිලි වේ. පොළොන්නරු යුගයේ රචිත අභිධානප්පදීපිකාවට අනුව සිංහල අවි ආයුධ කොටස් හතරකට බෙදනු ලැබේ. ඒවා පහත පරිදි වේ.
  •         මුත්තාමුත්ත - දමා ගැසීයමන් යහෝ අයත් තබායගන පහරදිය හැකි ආයුධ
  •          අමුත්ත         - අයත් තබායගන පමණක් පහරදිය හැකි ආයුධ
  •          පාණිමුත්ත    - අතින් මුදාහරින ආයුධ
  •          යන්තමුත්ත   - උපකරණයක් මගින් මුදාහරින ආයුධ

මීට අමතරව ඉපැරණි සිංහලයන් භාවිතා කළ ප්‍රමුඛතම ආයුධ 32ක් පිළිබඳව මහැදුරු යතන්නයකෝන් විමලානන්ද මහතා විසින් හඳුනාග‍ෙන තියබන අතර ඒවායින් කීපයක යතොරතුරු පමණක් අපට හමුවෙයි. දෙතිස් ආයුධ පහත දැක්වෙයි.
කඩුව තෙබ කන්ඩිතලය යගදාව කරවල තලිකොලේ කැතිආයුදේ පාරාවළල්ල අඩයට් ඉෂ්ටි  චන්දප්ප්‍රඋරට්ටිය  චක්‍රය මුගුර කොන්තේ නවලය නලිනොලය මුගුර ත්‍රිශූලය ඊ දණ්ඩ තෝමරය ශේලායුධය හ‍ෙන්ඩුවලේ කෙටේරිය නරච්චියේ මහත්ඉතයල් සිරිය දැමුණු කොළ ආයුදේ සුරිග සවලය වජරමුෂ්ටි සොරනොල්ල ආයුදේ

මේවායින් වැදගත්ම ආයුධ වුයේ කඩුව, දුන්න, මුගුර, සිරිය සහ හ‍ෙල්ලය. ප්‍රහාරයක දුර ප්‍රමාණය අනුව පැරණි සිංහල ආයුධ කොටස් තුනකට බෙදිය හැකිය. ඒවා පහත පරිදිය.
කෙටි දුර ප්‍රහාරක ආයුධ - කඩුව, මුගුර, කෙටේරිය, සිරිය, යගදාව
මධයම දුර ප්‍රහාරක ආයුධ -  චන්ද්‍රවංකය, පාරාවළල්ල, චක්‍රය
දිගු දුර ප්‍රහාරක ආයුධ       - දුන්න, ගල් පටිය, ගල් දුන්න

පොළොන්නරු යුගයේ ශේෂවී ඇති සිතුවම් තුළින් සමකාලීන සමාජයේ භාවිතා වී යැයි සිතිය හැකි ආයුධ උපකරණයන්ගේ සැබෑ ආකෘති පිළිබඳ නිශ්චිත ආකෘතියක් ගොඩනගා ගත හැකිය. තේමිය ජාතකයේ සුනන්ද නම් රියැදුරා වළක් කැණීම සඳහා භාවිත කරන උදැල්ල පොළොන්නරු යුගයේ භාවිතා කළ උදැල්ලක සැබෑ ආකෘතියක් විය හැකිය. තිවංක පිළිමගෙයි සහ මහියංගන ධාතු ගර්භයේ සිතුවම් අතර කඩුව නිරූපිත වේ. මහියංගන ධාතු ගර්භයේ බ්‍රහ්ම රූපවලට ඉහළින් මාර දිව්‍ය පුත්‍රයා වමතින් කඩුවක් ද දකුණතින් පළිහක් ද දරා ඇත. තවද මෛත්‍රීබල ජාතකයේ දකුණුපස සිටින යක්ෂ රූප අතින් දරා සිටින්නේ යෂ්ටි වර්ගයකි. තවද මහනුවර යුගයට අයත් හඟුරන්කෙත, දඹුල්ල යන විහාරස්ථානවලට අයත් බිතුසිතුවම්වල තෝමරය නමැති ආයුධය ඇඳ ඇත.

අංගම්පොර සටන් කලාවේ විවිධාකාර ආයුධ රාශියක් ඇති අතර එතුණු කඩුව නම් වු ආයුධය විශේෂ තැනක් ගනියි. කසයක හැඩයක ගත් මෙම ආයුධය තියුණු මුවහත් ඇති නම්‍යශීලී ලෝහ පළු 32කින් යුක්ත වේ. මෙම ආයුධය සමුලඝාතන ආයුධයක් වන අතර වඩා දියුණු හා සංකීර්ණ සටන් හරඹ සඳහා දෑතට දෙකක් භාවිතා කරයි. මෙය භාවිතයට ඉතාම ඉහළ පුහුණුවක් අවැසිය. මන්ද ප්‍රතිවාදියා හට එල්ල කරන පහරක් නියමාකාරයෙන් සිදුනොවුනහොත් එය තමන් හටද මාරන්තික පහරක් විය හැකි බැවිනි. අංගම්යපොර කලාව හා බැඳුණු තවත් ආයුධයක් වන සිංහල කඩුවට ද විශේෂ ස්ථානයක් හිමිවේ. මෙය අංගම්පොර ශිල්පියාට අනන්‍ය ලෙස නිර්මාණය කරනු ලබයි. සාමාන්‍යයෙන් කඩුවක දිග ශිල්පියායේ අතෙහි දිගට සමාන වෙයි. පළිහ යනු සිංහල කඩුව හා එක්ව භාවිතා කරන තවත් ආයුධයකි. මීට අමතරව හෙල්ල, මුගුර, යෂ්ටිය, කිණිස්ස, රිට ඇතුළු මුලික අවි ආයුධ විසි එකක් අංගම්පොර සටන් කලාවේ දී භාවිත කරයි. දුර සිටින සතුරෙකු විනාශ කිරීම සඳහා පැරණි සිංහලයන් භාවිතා කළ ප්‍රමු‍පෙළේ ආයුධ වන්නේ දුන්න සහ ඊතලයයි. මධ්‍යකාලීන යුගයේ රචිත දඹදෙනි අස්නට අනුව තත්තාරි දුනු, ගල් දුනු, මාර දුනු, කළු දුනු,  චන්ද්‍රවංක දුනු, තිවංක දුනු, මිටි දුනු ඇතුළු දුනු වර්ග විසි එකක ලැයිස්තුවක් අන්තර්ගතය. ඉපැරණි දුනුවායා දුන්න, ඊතල සහ කොපුව යන යුධෝපකරණ වලින් සන්නද්ධ විය. නියමාකාර දුන්න මාළුවෙකුගේ පිටේ හැඩයට සමාන විය. මුලිකවම දුන්න අර්ධ කවාකාරව නවා ක‍ෙලවර දෙකට අඟලක් පමණ මෙහායින් කට්ටක් හෝ මැලියම් මිශ්‍රිත වරපට හෙවත් දුනු දිය සවි කරගැනීම සඳහා ලෝහමය මුදලක් එකතු කරන ලදි. දුනු දිය හෙවත් දුනු ලණුව සඳහා නුග පට්ට, ගෝණ බඩවැල්, නියදි, අරළු යනාදී ශාකමය වැල් වර්ග යොදා ගත් අතර දුනු ලීය සඳහා කළු වැල්, වේවැල්, සින්දුරම් යන ගස් වර්ග යොදා ගන්නා ලදි. ඊතලය සඳහා ගැටවණ, කොබ්බෑ, කැති දෙමට, වේවැල්, කුකුරුමහන් සහ කරඩු වැනි සැහැල්ලු දැව වර්ග භාවිතා කෙරිණි. තෝමරය හෙවත් ඉලුක්කෝලය ද යුධ කාර්ය සංවිධානයේදී පැරණි සිංහල  ආයුධ ආදීවාසීහු භාවිතා කළ තවත් වැදගත් ආයුධයකි. මෙය මහනුවර යුගයේදී ඉලුක්කොලය නමින් ද හඳුන්වා තිබේ. මෙහි ඉහල කොටසෙහි හැඩය ඉලුක් ගසක පත්‍රයට සමාන වීම හේතූකොටගෙන උක්ත නාමය බිහිවු බව පෙ‍ෙන්. සතර කෝරළයේ පවතින ජන කතාවකට අනුව ගල් ඔය නම් තොටුපලේ දී දෙවන රාජසිංහ රජු විසින් එක්තරා මීනීමරු කිඹුලෙකුගේ උගුර පසාරු කරගෙන යන ආකාරයට දමා ගසා ඇත්තේ මෙම ඉලුක්කොලයයි. මෙහි මුල් කොටස ඉතා තියුණු උලකින් සමන්විතය. දළ වශයයන් අඟල් 30*40 ප්‍රමාණයකින් යුතු මෙම ආයුධය ඇනීමෙන් පමණක් නොව සතුරා වෙත දමා ගැසීමෙන් ද ප්‍රහාර එල්ල කළ හැකිය. උක්ත කරුණු වලට අනුව සාම්ප්‍රදායික ආයුධ කර්මාන්තය ඉතා දියුණු වුවක් මෙන්ම නිර්මාණශීලී වුවක් බව නිගමනය කළ හැකිය.

එච්.පී.එන්.එච්.මධුරංගි        

No comments:

Post a Comment