Search This Blog

Thursday, July 18, 2019

ප්‍රචාරණය හා ජනප්‍රිය සංස්කෘතිය


යම් වෙළඳ භාණ්ඩයකට පුළුල් ප්‍රචාරණයක් දීමට එය මිලදී ගැනීම කෙරෙහි පොළඹවාලීමට මාධ්‍ය තුළින් ජනප්‍රිය සංස්කෘතිය ඈඳා ගැනීම වෙළඳ දැන්වීමක ප්‍රචාරණයට හොඳ පිටුවහලකි. පොප් සංගීත, රොක් ඇන්ඩ් රෝල්, රැප්, රෙගේ සංගීතයෙන් විවිධ ඇඳුම් විලාසිතා ආදියත් වෙළඳ දැන්වීම්වල භාවිතයට යොදවන්නේ මේ අරමු‍ණෙනි.මෙසේ කාලයෙන් කාලයට ඉස්මතු වන ජනප්‍රිය ගීතත් ඩෙනිම් වැනි භෞතික විලාසිතා භාවිතයත් සහ නොයෙකුත් භාෂාවන් පමණක් නොව ජනප්‍රිය ක්‍රීඩා ආදිය ද ඇතුලත් කිරීම වෙළඳ දැන්වීම්වල ජනප්‍රිය අංග ලක්ෂණයන්ය.


ජනප්‍රිය බටහිර පොප් ගායක මයිකල් ජැක්සන් වටා ගොඩ නැගුණු උප සංස්කෘතියක ඔහුගේ භෞතික හා අධ්‍යාත්මික ලක්ෂණ වැළඳ ගැනීම සිදුවිය. ඒත් සමඟම පෙප්සි බීම වර්ගයට අදාල රූප මාධ්‍ය වෙළඳ දැන්වීමට ද ඔහුව ඈඳා ගනු ලැබිණි. ඔහුගේ ගීත, ඇඳුම් පැළඳුම්, ගමන බිමන ඇතුලු විලාසිතාවලට පෙප්සි බීම වර්ගය ද අනුබද්ධ විය. “Pepsi the choice of new generation” යන තේමා පාඨය හා ගීතය ද නිර්මාණය විය. මේ නිසා සිදුවුයේ ඔහු වටා ගොඩ නැගුණු ජනප්‍රිය සංස්කෘතිය හා එක්ව පෙප්සි බීම වර්ගය ද එම පිරිස් අතර ප්‍රචලිත වීමයි.

නව පරපුරක තේරීම ලෙස පෙප්සි ගීතය ලොව පුරා ජනප්‍රිය කිරීමට ගත් තවත් උත්සහායකි. පෙප්සි සඳහා නිර්මාණය කළ ඉන්දියානු වෙළඳ දැන්වීම මෙහි දැක්වෙන නව පරපුර නවීන සම්ප්‍රදායට හැඩ ගැසුනු පිරිසකි. ඉන්දියාවේ ජනප්‍රිය තරුණ නළුවකු වන ආක්ෂේ කුමාර් යොදා එම ආයතනය ඉන්දියාවේ නිර්මාණය කළ දැන්වීමේ තරුණ පිරිසක් (ජනප්‍රිය විලාසිතා අනුව ඇඳ පැළඳ) වේග රිද්ම ගායනය අතරතුර බීම වර්ගයක් පානය කරයි. එවිටම ඔහු වේග රිද්ම ගීතය අමතක වී ගායනයට අසීරු ඉන්දියානු ශාස්ත්‍රීය ගීතයක් ගයයි. මේ සමඟ නැගෙන එය ප්‍රතික්ෂේප කරන ඝෝෂාව අතරින් එක් තරුණයෙකු ආක්ෂේ කුමාර්ට පෙප්සි පානය පිරිනමන රූප රාමුවක් දක්වයි. එවිටම නැවත මේ ජනප්‍රිය නළුවා සුපුරුදු වේග රිද්මය හා එක්වන අතර තරුණ පිරිස් ප්‍රීති ඝෝෂා නගයි. මෙහි අන්තර්ගතය තුළ ආසියාවේ තරුණ පෙළට සිදු කරන ආයාචනය ප්‍රබලය. මින් එකක් බටහිරකරණයයි. බටහිර සංගීතය බටහිර විලාසිතා සමඟ පෙප්සි පානය ජනප්‍රිය සංස්කෘතියක අවශ්‍යතාවයක් බව ඉස්මතු කරයි. එය ඇත්තෙන්ම ජනප්‍රියව ගියේ මෙසේය. මෙහි තරුණ පිරිස් හිස ආවරණය කර ගැට ගැසු ලේන්සුව එකල ආසියාවේ තරුණයින් අතර වේගයෙන් ජනප්‍රිය විය. ඉන්දියාව වැනි ආසියාවේ විශාල ජනකායක් ඇති රටක් හා ජනප්‍රිය නළුවෙකු වටා බිහි වී ඇති ජනප්‍රිය රැල්ල සමග පෙප්සි පානය ද ජනප්‍රිය වීම අනිවාර්ය වේ. දැන්වීම්කරුවන්ගේ අරමුණ එය විය.


කොකා කෝලා ආයතනය ද වරක් “One sight one sound one sell” යන පාඨයෙන් එම පානයේ පවතින සමානාත්මතාව එළි කළේය. සංස්කෘතික භේදයකින් තොරව කොකා කෝලා ලොව පුරා එකම වර්ගයේ පිරිසකගේ පානය බව අදහස් කර තිබීම ඉන් අදහස් කරන ලදි. කොකා කෝලා බීම වර්ගයේ තේමා ගීතය කුමන භාෂාවකින් ගායනය කළ ද එහි සංගීත රටාව එනම් රිද්මය හා ස්වරය එකම ස්වරූපයක් ගනී. මෙයට අනුගත කණ්ඩායම ද කුමන රටක වුවද ස්වරූපයෙන් සමානය. ලාංකීය ජනප්‍රිය රැල්ලේ තවත් සාධකයකි හින්දි සිනමාවවෙළඳ දැන්වීම්කරුවන් තම නිෂ්පාදන ප්‍රවර්ධනයට මෙම අංගය ද භාවිතා කරති. ඒ සඳහා
·         හින්දි සිනමාව
·         හින්දි නළු නිලියන්ගේ පෝස්ටර් ස්ටිකර් බෙදාහැරීම
·         හින්දි සංගීතය අනු ඛණ්ඩ යොදා ගැනීමක් සිදුවේ.

ක්‍රිකට් රැල්ල ද මේ ආකාරයට ජනප්‍රිය සංස්කෘතිකාංගයක් ලෙස ආසියා රටවල අලෙවියේ දී යොදා ගත් ක්‍රීඩාවකි. එහෙත් බටහිර රටවලදී පාපන්දු ක්‍රීඩාවට එම ස්ථානය ලැබී තිබේ. ක්‍රීඩා ශූරයින්ගේ ප්‍රෞඩත්වයටත් විලාසිතා භාවිතයෙන් ඉහත පරිදිම පෝස්ටර් ස්ටිකර් ක්ෂණික ප්‍රවර්ධක ලෙස බෙදාහරිනු ලබයි. ළමා සහ තරුණ කොටස් මේ ශූරයින් අනුකරණයට නතු වු පිරිස්ය.
ඇමරිකාවේ (Ogilvy and Mathew) වෙළඳ ආයතනය වරක් ජපානය ඉලක්ක කර (කැසට් Hifi Audio) යන්ත්‍ර සඳහා නිර්මාණය කළ දැන්වීම මෙවැනි ජනප්‍රිය රැල්ල උපයෝගී කරගත්තේ මෙසේය. (Boree and arens 1986)

සාම්ප්‍රදායික ජපානයේ කිමෝනා ඇඳුමෙන් සැරසුන යුවතියන් අතර බටහිර පොප් ගායිකා මැඩෝනා අනුකරණය කළ විලාසිතා වලින් සැරසුන කළු වර්ණය ඇඳි කොණ්ඩය පන්ක් විලාසිතාවට සැකසු ජපන් ජාතික කාන්තාවක් ද සිටී. ඇය ළඟ ඉහත වර්ගයේ (Audio) යන්ත්‍රයක් ද ඇත. එහි තේමා පාඨය “No all Japaneese look like” යනුවෙන් සඳහන්ව තිබේ. ජනප්‍රිය බටහිර පොප් රැල්ලට සාම්ප්‍රදායික ජපානය නැඹුරු කිරීමට එහි ඇති සාධක උදව් වේ.

ජනප්‍රිය රැල්ලට ආරූඪව තාරුණ්‍යය හා ලිංගිකත්වය කඩවසම් පෙනුම ආකර්ශනය වැනි මනෝමුලික සාධක අතර අද ලිංගික කාර්යය ද වෙළඳාම සඳහා යොදවනු ලබයි. විශේෂයෙන් සුවඳ විලවුන් සිගරට් මත්පැන් වර්ග නොයෙකුත් කොලොන් වර්ග සඳහා මේ ජනප්‍රිය අංගය බෙහෙවින් භාවිත වේ. මෑතකදී පුවත්පතක පළ කළ ලෝ සුපතල සිගරට් වර්ගයක වෙළඳ දැන්වීමක් පියවර තුනකින් ලිංගික කාර්යය හා සම්බන්ධව එම සිගරට් වර්ගය භාවිතය කදිමට දක්වා තිබුණි.

අද ජනප්‍රිය සංස්කෘතිය වේගයෙන් පැතිරී යන්නේ වෙළඳ දැන්වීම් ද පිටුවහල් කරගනිමිනි. අනුකරණය ඊට මුල්වේ. ආයතනයට තම නිෂ්පාදනයන් ප්‍රචාරණයට මෙන්ම ඒවා භාවිතයට නැඹුරු කරවීමට මේ ජනප්‍රිය සංස්කෘතිය ඉවහල් වන බව මින් පෙනී යයි.


Tuesday, July 16, 2019


සාම්ප්‍රදායික ආයුධ කර්මාන්තය

ආදී කල්පික මානවයා ආයුධ තනාගැනීම පිණිස ශිලා යුගයේදී වැඩි වශයයන් භාවිත කළ ද්‍රවයය නම් ගල්ය. ලංකාවේ ගිනි ගල් හා තිරිවාණ ගල් මේ සඳහා යොදාගෙන තිබේ. ම‍ෙම ආයුධ තනාගන්නේ ඉතා පහසු ක්‍රමයකිනි. දළ අන්දමින් ආයුධයක් සාදා ගැනීමට එක් ගලකින් මුල් ගලකට ගසා එය කඩනු ලැබේ. ගල් පතුරු ලබා ගන්නේ ද මෙසේ ඝට්ටනානුසාරයෙනි. පුරාණ මිනිසා බොහෝ ස‍ෙයින්ම යොදා ගත්තේ මෙසේ එකිනෙකට ඝට්ටනය කිරීමේ ක්‍රමවේදයයි. අතිරේක වැඩ හෝ හැඩගැසීමක් නොකොට මුල් ගල ද ඇතැම් බිම‍ෙක දළ වශයෙන් යොදා ගැනීම නිසා ඒ ආයුධය අදහස් කරන ලද්යද් කුමන වැඩකට දැයි තීරණය කිරීම උගහටය. මේ වනාහි මිටි ගල් කොටන ආයුධ හා අත් පොරෝ වශයෙන් යොදා ගත් ඒවාය. ඒ අනුව බලන කල්හි ගල් ආයුධ දෙවර්ගයකි. එක් වර්ගයක් නම් මුල් ගල්වලින් තනාගත් ආයුධයි. අනෙක් වර්ගය නම් මුල් ගලෙන් ගසාගත් පතුරු කැබලි වලින් තනාගත් ආයුධයි. ම‍ෙම ආයුධවල මුවාතෙහි අතිරේක වශයෙන් වැඩකර තිබෙන ලකුණු පෙනේ. සමහරවිටෙක ඒ මුවාත තියුණු කිරීමෙන් කපන ආයුධයක් වශයෙනුත් නැතහොත් මොට කිරීමෙන් අල්ලා ගැනීමට මිටක් වශයෙනුත් භාවිත කිරීමට හැකියාවක් ඇත. ඇටකටු හා අංවලින් තනන ලද ආයුධ තවම සොයාගෙන තිබෙන්නේ ඉතා අල්ප වශයෙනි. අංවලින් තනන ලද උල් කීපයක් සොයාගෙන ඇති බැවින් මෙම ද්‍රව්‍ය පිළිබඳ කර්මාන්තයක් පැවති බව පෙනී යයි.

විජයාගමනයේ සිට වර්තමානය දක්වා වන වසර 2500කට අධික කාලපරිච්ඡේදය තුළ අභීත සිංහලයාට විවිධාකාර වු ප‍ෙර අපර දෙදිග ආක්‍රමණ වලට මුහුණ දීමට සිදුවු බවට සාධක අපමණය. චෝල, පාණ්ඩ්‍ය, රාෂ්ත්‍රකූට, විජයනගර්, ජාවක, පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි යනාදී බලසම්පන්න හමුදා සමුහයකින් අනුන වුද සුවිශාල යටත් විජිත දාමයකින් සමන්විත වු ඒකී විදේශ ආක්‍රමණිකයන්ට එරෙහිව ස්වකීය නිදහස උදෙසා සටන් වැදුනු සිංහලයා සතුව උපායශීලී ආරක්ෂක සංවිධානයක් මෙන්ම දියුණු අවි ආයුධ පැවති බවට පැහැදිලි සාධක සාහිත්‍ය මුලාශ්‍ර වලින් මෙන්ම පුරාවිද්‍යාත්මක මුලාශ්‍ර වලින් ද අනාවරණය වේ. විශේෂයෙන්ම කාලයෙන් කාලයට දිවයිනට පැමිණි විවිධාකාර සංක්‍රමණිකයන් සහ ආක්‍රමණිකයන්ගේ යුධෝපකරණ හා ස්පර්ශය ලබමින් සාම්ප්‍රදායික ආයුධ ක්‍රමිකව සංවර්ධනය වු බව පෙනේ. කෞටිල්‍යගේ අර්ථශාස්ත්‍රය, වෛජන්ත තන්ත්‍රය යන කෘතීන්ට අනුව ඉපැරණි සිංහලයන් විසින් යුධෝපකරණ නිෂ්පාදනය කරන ලදි. වෛජන්ත තන්ත්‍රයට අනුව ආයුධ නිෂ්පාදනය කිරීම සඳහා යලෝකඩ, පිත්තල, තඹ, යකඩ, රත්රන්, රීදී, කළු රසදිය යලෝහ වේග ප්‍රයයෝජනයට ගැණින. ආයුධ පණ යපවීම සඳහා අවැසි ද්‍රවය, ස්ථානය, සුභ අසුභ සංයක්ත, නැකත් පිළිබඳ යතොරතුරු ඉපැරණි පුස්යකොළ යපොත් වලින් ද අනාවරණය වේ. 

පුරාතනයේ සිට මහනුවර යුගය දක්වා කාලපරිච්ඡේදය තුළ විශිෂ්ට යුධෝපකරණ නිෂ්පාදන ක්‍රියාවලියක් පැවති බවට අනුරාධපුරය, සමනල වැව, කොත්මලේ ආශ්‍රිත ප්‍රදේශවල සිදු කරන ලද පුරාවිද්‍යාත්මක කැනීම් අනුසාරයෙන් හමුවී ඇති යකඩ උදුන්, යබොර සහ අවි ආයුධ යනාදී පුරාකෘති මගින් පැහැදිලි වේ. පොළොන්නරු යුගයේ රචිත අභිධානප්පදීපිකාවට අනුව සිංහල අවි ආයුධ කොටස් හතරකට බෙදනු ලැබේ. ඒවා පහත පරිදි වේ.
  •         මුත්තාමුත්ත - දමා ගැසීයමන් යහෝ අයත් තබායගන පහරදිය හැකි ආයුධ
  •          අමුත්ත         - අයත් තබායගන පමණක් පහරදිය හැකි ආයුධ
  •          පාණිමුත්ත    - අතින් මුදාහරින ආයුධ
  •          යන්තමුත්ත   - උපකරණයක් මගින් මුදාහරින ආයුධ

මීට අමතරව ඉපැරණි සිංහලයන් භාවිතා කළ ප්‍රමුඛතම ආයුධ 32ක් පිළිබඳව මහැදුරු යතන්නයකෝන් විමලානන්ද මහතා විසින් හඳුනාග‍ෙන තියබන අතර ඒවායින් කීපයක යතොරතුරු පමණක් අපට හමුවෙයි. දෙතිස් ආයුධ පහත දැක්වෙයි.
කඩුව තෙබ කන්ඩිතලය යගදාව කරවල තලිකොලේ කැතිආයුදේ පාරාවළල්ල අඩයට් ඉෂ්ටි  චන්දප්ප්‍රඋරට්ටිය  චක්‍රය මුගුර කොන්තේ නවලය නලිනොලය මුගුර ත්‍රිශූලය ඊ දණ්ඩ තෝමරය ශේලායුධය හ‍ෙන්ඩුවලේ කෙටේරිය නරච්චියේ මහත්ඉතයල් සිරිය දැමුණු කොළ ආයුදේ සුරිග සවලය වජරමුෂ්ටි සොරනොල්ල ආයුදේ

මේවායින් වැදගත්ම ආයුධ වුයේ කඩුව, දුන්න, මුගුර, සිරිය සහ හ‍ෙල්ලය. ප්‍රහාරයක දුර ප්‍රමාණය අනුව පැරණි සිංහල ආයුධ කොටස් තුනකට බෙදිය හැකිය. ඒවා පහත පරිදිය.
කෙටි දුර ප්‍රහාරක ආයුධ - කඩුව, මුගුර, කෙටේරිය, සිරිය, යගදාව
මධයම දුර ප්‍රහාරක ආයුධ -  චන්ද්‍රවංකය, පාරාවළල්ල, චක්‍රය
දිගු දුර ප්‍රහාරක ආයුධ       - දුන්න, ගල් පටිය, ගල් දුන්න

පොළොන්නරු යුගයේ ශේෂවී ඇති සිතුවම් තුළින් සමකාලීන සමාජයේ භාවිතා වී යැයි සිතිය හැකි ආයුධ උපකරණයන්ගේ සැබෑ ආකෘති පිළිබඳ නිශ්චිත ආකෘතියක් ගොඩනගා ගත හැකිය. තේමිය ජාතකයේ සුනන්ද නම් රියැදුරා වළක් කැණීම සඳහා භාවිත කරන උදැල්ල පොළොන්නරු යුගයේ භාවිතා කළ උදැල්ලක සැබෑ ආකෘතියක් විය හැකිය. තිවංක පිළිමගෙයි සහ මහියංගන ධාතු ගර්භයේ සිතුවම් අතර කඩුව නිරූපිත වේ. මහියංගන ධාතු ගර්භයේ බ්‍රහ්ම රූපවලට ඉහළින් මාර දිව්‍ය පුත්‍රයා වමතින් කඩුවක් ද දකුණතින් පළිහක් ද දරා ඇත. තවද මෛත්‍රීබල ජාතකයේ දකුණුපස සිටින යක්ෂ රූප අතින් දරා සිටින්නේ යෂ්ටි වර්ගයකි. තවද මහනුවර යුගයට අයත් හඟුරන්කෙත, දඹුල්ල යන විහාරස්ථානවලට අයත් බිතුසිතුවම්වල තෝමරය නමැති ආයුධය ඇඳ ඇත.

අංගම්පොර සටන් කලාවේ විවිධාකාර ආයුධ රාශියක් ඇති අතර එතුණු කඩුව නම් වු ආයුධය විශේෂ තැනක් ගනියි. කසයක හැඩයක ගත් මෙම ආයුධය තියුණු මුවහත් ඇති නම්‍යශීලී ලෝහ පළු 32කින් යුක්ත වේ. මෙම ආයුධය සමුලඝාතන ආයුධයක් වන අතර වඩා දියුණු හා සංකීර්ණ සටන් හරඹ සඳහා දෑතට දෙකක් භාවිතා කරයි. මෙය භාවිතයට ඉතාම ඉහළ පුහුණුවක් අවැසිය. මන්ද ප්‍රතිවාදියා හට එල්ල කරන පහරක් නියමාකාරයෙන් සිදුනොවුනහොත් එය තමන් හටද මාරන්තික පහරක් විය හැකි බැවිනි. අංගම්යපොර කලාව හා බැඳුණු තවත් ආයුධයක් වන සිංහල කඩුවට ද විශේෂ ස්ථානයක් හිමිවේ. මෙය අංගම්පොර ශිල්පියාට අනන්‍ය ලෙස නිර්මාණය කරනු ලබයි. සාමාන්‍යයෙන් කඩුවක දිග ශිල්පියායේ අතෙහි දිගට සමාන වෙයි. පළිහ යනු සිංහල කඩුව හා එක්ව භාවිතා කරන තවත් ආයුධයකි. මීට අමතරව හෙල්ල, මුගුර, යෂ්ටිය, කිණිස්ස, රිට ඇතුළු මුලික අවි ආයුධ විසි එකක් අංගම්පොර සටන් කලාවේ දී භාවිත කරයි. දුර සිටින සතුරෙකු විනාශ කිරීම සඳහා පැරණි සිංහලයන් භාවිතා කළ ප්‍රමු‍පෙළේ ආයුධ වන්නේ දුන්න සහ ඊතලයයි. මධ්‍යකාලීන යුගයේ රචිත දඹදෙනි අස්නට අනුව තත්තාරි දුනු, ගල් දුනු, මාර දුනු, කළු දුනු,  චන්ද්‍රවංක දුනු, තිවංක දුනු, මිටි දුනු ඇතුළු දුනු වර්ග විසි එකක ලැයිස්තුවක් අන්තර්ගතය. ඉපැරණි දුනුවායා දුන්න, ඊතල සහ කොපුව යන යුධෝපකරණ වලින් සන්නද්ධ විය. නියමාකාර දුන්න මාළුවෙකුගේ පිටේ හැඩයට සමාන විය. මුලිකවම දුන්න අර්ධ කවාකාරව නවා ක‍ෙලවර දෙකට අඟලක් පමණ මෙහායින් කට්ටක් හෝ මැලියම් මිශ්‍රිත වරපට හෙවත් දුනු දිය සවි කරගැනීම සඳහා ලෝහමය මුදලක් එකතු කරන ලදි. දුනු දිය හෙවත් දුනු ලණුව සඳහා නුග පට්ට, ගෝණ බඩවැල්, නියදි, අරළු යනාදී ශාකමය වැල් වර්ග යොදා ගත් අතර දුනු ලීය සඳහා කළු වැල්, වේවැල්, සින්දුරම් යන ගස් වර්ග යොදා ගන්නා ලදි. ඊතලය සඳහා ගැටවණ, කොබ්බෑ, කැති දෙමට, වේවැල්, කුකුරුමහන් සහ කරඩු වැනි සැහැල්ලු දැව වර්ග භාවිතා කෙරිණි. තෝමරය හෙවත් ඉලුක්කෝලය ද යුධ කාර්ය සංවිධානයේදී පැරණි සිංහල  ආයුධ ආදීවාසීහු භාවිතා කළ තවත් වැදගත් ආයුධයකි. මෙය මහනුවර යුගයේදී ඉලුක්කොලය නමින් ද හඳුන්වා තිබේ. මෙහි ඉහල කොටසෙහි හැඩය ඉලුක් ගසක පත්‍රයට සමාන වීම හේතූකොටගෙන උක්ත නාමය බිහිවු බව පෙ‍ෙන්. සතර කෝරළයේ පවතින ජන කතාවකට අනුව ගල් ඔය නම් තොටුපලේ දී දෙවන රාජසිංහ රජු විසින් එක්තරා මීනීමරු කිඹුලෙකුගේ උගුර පසාරු කරගෙන යන ආකාරයට දමා ගසා ඇත්තේ මෙම ඉලුක්කොලයයි. මෙහි මුල් කොටස ඉතා තියුණු උලකින් සමන්විතය. දළ වශයයන් අඟල් 30*40 ප්‍රමාණයකින් යුතු මෙම ආයුධය ඇනීමෙන් පමණක් නොව සතුරා වෙත දමා ගැසීමෙන් ද ප්‍රහාර එල්ල කළ හැකිය. උක්ත කරුණු වලට අනුව සාම්ප්‍රදායික ආයුධ කර්මාන්තය ඉතා දියුණු වුවක් මෙන්ම නිර්මාණශීලී වුවක් බව නිගමනය කළ හැකිය.

එච්.පී.එන්.එච්.මධුරංගි